විදුහල්පති පණිවිඩය
හ/තලාව මහා විද්‍යාලය

දකුණු පළාතේ නැගෙනහිර ගිරුවා පත්තුවේ තලාව නම් දුෂ්කර, එහෙත් සුන්දර ප්‍රදේශයට ආලෝකයක් වූ අප විද්‍යාලය ලෝකයට ගෙන යෑමට මාවතක් විවර කරමින්, අප පාසලේ සිසු දරුවන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙමි.
පාසලේ සම්පත් උපරිම ලෙස කලමණාකරණය කරමින්, මූලික නිපුණතා හා ජාතික අරමුණු සාක්ෂාත් වන සේ හෙට ලොවට නොබියව මුහුණ දිය හැකි නැණ ගුණ පිරි ක්‍රියාශීලි පුරවැසියන් පිරිසක් බිහිකරලීමේ උදාර අමුණ තවදුටත් බලගන්වමින් තැබූ මෙම පියවර පාසල් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නියතය.
ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම වෙබ් අඩවිය සැළසුම් කිරීම සඳහා මාගේ කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් ගත් උත්සාහය පිළිබඳව මම ආඩම්බර වෙමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
හ/තලාව මහා විද්‍යාලය