දකුණු පළාතේ නැගෙනහිර ගිරුවා පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලාව නම් ඉතා දුෂ්කර ප්‍රදේශයේ තලාව විද්‍යාලයේ මව්වරුන් උපත ලැබූහ. එනම් එක්දහස් නවසිය හතර ජුනි හතරවැනිදායි. රජයේ පාසලක් ලෙස ආරම්භ උනු මෙහි මුල් ගුරුවරයා වූයේ කේ.ජි.මර්තෙනිස් මහත්මයාය. එක් ගුරුවරයෙක් සහ සිසුන් තිස් දෙනෙකු ආරම්භයේ පොල් අතු සෙවිලි කරන ලද කුඩා ශාලාවක් තුළ විදුහල පවත්වාගෙන ගිය බවත් ඉතිහාසයේ සටහන්ව ඇත. සැතපුම් 20 ක් 25ක් බැහැර ප්‍රදේශ වලින්ද අධ්‍යාපනය ලැබීමට එදා සිසුන් බොහෝ දෙනෙක් මෙහි පැමිණ ඇත.
අප පාසලේ ඉතිහාසය පිලිබඳ දැක්වෙන විශ්වසනීය සාක්ෂියක් ලෙස එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතාගෙ දින පොතේන් උපුටා ගන්නා ලද සටහනක් ලෙස දැක්විය හැකිය.
"1909 සැප්තැම්බර් 06........................තලාවේදී ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින පාසල පරීක්ෂා කලෙමි. සවස ගමට එන උප එජන්ත බැලීමට සිරිත් පරිදි එන පිරිසයි,....."
අප පාසලේ යට ගියාව පිලිබඳ තව දුරටත් සලකා බැලීමේදී 1960 වසරේදී රජයේ වියදමෙන් අප පාසලට නව ගොඩනැගිල්ලක් ලබා දී තිබේ. එමෙන්ම 1972 වසරේ මාර්තු 21 දින මෙම පාසල ද්විතියික පාසලක් ලෙස දියුණු කරන ලදී. 1974.05.01 අප විදුහල මහා විද්‍යාලයක් බවට උසස් කොට කලා විෂයධාරාව යටතේ උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී.මෙහිදී ඒ වෙනුවෙන් කටයුතු කරන ලද්දේ විදුහල්පති සෝමපාල මහතා විසිනි. එකල සේවය කරන ලද උප ගුරු ඩී.එල්. පියසේන මහතා විසින් හ/තලාව මහ විදුහල යන දැන්වීම් පුවරුව දර්ශනීය ලෙස සැලසුම් කර නිර්මාණය කිරීමද, අප විද්‍යාලයට අඩුපාඩුවක් පැවති පාසල් ගීතය රචනා කිරීම සංගීත නිර්මාණය හා පුහුණු කිරීම W.D. ජයරත්න මහතා විසින් කරන ලදී.
1974 වසරේදී විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කොට මානව මානවිකා කණ්ඩායම් දෙකක් පිහිටුවන ලදී. 1975 වසරේ සිට අප විද්‍යාලය අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාග මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදී. ඉන් පසුව වරින් වර අප විද්‍යාලයට රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලද අනුග්රහයන් යටතේ පාසල් ගොඩනැගිලි හා වෙනත් භෞතික සම්පත් බොහෝ ලබා දී ඇත.
1982 වසරේ අධ්‍යාපන ධවල පත්‍රිකා හරහා සිදුවූ ප්‍රති සංස්කරණ අනුව පිහිටුවනු ලැබූ පර්ෂද පාසල් ක්‍රමය යටතේ තලාව මහා විද්‍යාලය පර්ෂද මුලස්ථ විද්‍යාලයක් බවට පත් විය. ඒ අනුව අවට පාසල් සමග සහයෝගිව වැඩ කරමින් පාසලේ තත්වය ඉහල නංවා ගැනීමට හැකිවිය. මෙහිදී පර්ෂද විදුහල්පති ලෙස කටයුතු කළ ජී.ලියනාරච්චි මහතා සේවය කළේය.
1995 වසරේ අතිගරු ජනාධිපතිනියගේ සංකල්පයක් ලෙස බිහිවූ නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතේ අගුණුකොළපැලැස්ස කොට්ටාශයේ නවෝද්‍යා පාසල ලෙස අප පාසල තොරා ගනු ලැබිය. දෙමහල් පන්ති කාමර ගොඩනැගිලි බහු කාර්ය ඒකක ලැබීමත් පරිගණක පහසුකම් ලැබීමත්, නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතේ අප ලැබූ ප්රතිලාභයන් අතරින් සමහරකි. විභාගවලින් සමත්වන ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර වෙනත් බාහිර ක්ෂේත්රවල අපගේ ජයග්‍රහණ ඉතා ඉහළ මට්ටමක පත්ව ඇත.
2004 වර්ෂයේ සිට අප විද්‍යාලයේ අ.පො.ස. උ /පෙළ විභාග මධ්‍යස්ථානයක් බවට පතකර ඇත. විද්‍යාලීය දරු දැරියන් දක්ෂතා ගැන සලකා බලනවිට විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී එය මනාවට පැහැදිලි වේ. විශේෂයෙන් පාසල් මට්ටමේ පමණක් නොව කොට්ටාශ මට්ටමින්, කලාප මට්ටමින් හා සමස්ථ ලංකා මට්ටමින් නොනැවතී ජාත්‍යන්තර මට්ටමේ තරග වලදීද විවිධ දස්කම් පෙන්වා ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ.
තලාව විදුහල් මාතාවගේ උණුසුමින් ජීව බුද්ධියේ ප්‍රාණය ලබා මේ ශ්‍රී ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තරයන්හි අගේ පුත්හු සුජාත දු පුතුන් කිර්තිමත්ව වැජඹේන බව බොහෝ දෙනාගේ දන්නා කරුණකි. ඒ වගේම තලාව විදුහල් මාතාව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් මෙන්ම විවිධ තරාතිරමේ ඉහළ මට්ටමින් වැජඹේන දු දරුවන් බොහෝ දෙනෙක් ලක්මවට දායාද කර ඇත. එමෙන්ම ඉදිරියටත් මේ පාසැල මේ ලක් දෙරණ මත බොහෝ ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි අපගෙ විශ්වාසයි....
සැරදේ තලාව පාසල් මතා.....!

|
ආරම්භ කළ වර්ෂය |
1904 ජුනි 04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.ජි.මර්තෙනිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/තලාව මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
- |
|
පාසල රජයට පවරාගත් දිනය |
1904 ජුනි 04 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
- |