- සියලු සිසුන් දිනපතා පාසල් පැමිණිය යුතුය.
- පන්ති නායක නායිකා, ශිෂ්‍ය නායක නායිකාවන් දිනපතා පෙරවරු 7:00 වන විට දීද අනෙකුත් සියළු සිසුන් පෙරවරු 7:20 වන විටදී පාසලට පැමිණ සිටිය යුතුය.
- පංති කාමර හා මිදුල පිරිසිදු කිරීමට ඇති දිනයන්හි සිසු/සිසුවියන් වේලාසනින් පැමිණ තමාට අදාළ කාර්යය පෙරවරු 7:25 වන විට නිමකළ යුතුය.
- සියලු සිසු සිසුවියන් උදෑසන රැස්වීමට සහභාගී විය යුතු අතර එක් එක් පන්ති අනුපිළිවෙළින් තනි පෙළට වෙන සේ සිසුන් සිටිය යුතුය.
- තම ආගමට අදාළව සියලු චාරිත්‍ර නියමානුකූලව ඉටු කළ යුතු අතර උදෑසන රැස්වීම වේලාවේදී උසුළු විසුළු කිරීම හෝ කතා කරමින් සිටීම සපුරා තහනම්ය.
- පෙරවරු 07:50 සිට පෙරවරු 11:15 දක්වාත් පෙරවරු 11:30 සිට පස්වරු 1:30 දක්වාත් විෂය සමගාමී, පුස්තකාල හෝ පරිගණක, විද්‍යාව හා ගුරුවරයෙකු සමග එළිමහන් පන්ති කාමරයට යන කාලච්ඡේද හැර අනෙකුත් සියලු කාලච්ඡේද වේලාවන් හිදී පන්ති කාමරයේ රැඳී සිටිය යුතුය.
- කාර්යාලයට පැමිණීමට අවසර පවතිනුයේ පන්ති නායක නායිකා හොදයි ශිෂ්‍ය නායක නායිකාවන්ට පමණි. ඒ අවස්ථාවලදී එම සිසු/සිසුවියන් අත අවසර පත්‍රය තිබිය යුතුය.
- අනෙකුත් සිසුන් පන්තිකාමරයෙන් බැහැරව යන අවස්ථාවලදී පන්තිකාමරය වෙත නිකුත් කර ඇති අවසර පත්‍ර ලග තබා ගත යුතු අතර එක් වරකට පන්ති කාමරයෙන් බැහැරව යා හැක්කේ දෙදෙනෙකුට පමණි.
- මහල් ගොඩනැගිලිවල තරප්පුව දිගේ සිසු /සිසුවියන් ගමන් කිරීමේදී තනි පෙලට දකුණින් ගමන්කල යුතු අතර ගුරුවරයකු ගමන් කරන අවස්ථාවල සිසුන් සිටින ස්ථානවල නැවතී සිටිය යුතුය.
- සිසුන් අසනීපයකින් පෙලෙන විට හෝ පව්ලේ අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා හැර අන් කිසිදු අවස්ථාවක පාසල් නොපැමිණීමෙන් වැළකී සිටිය යුතුය.
- පාසල් නොපැමිණේන දිනයන්ට අදාළව හේතු වාර්තා පොතේ අදාළ පිටුවේ මව/පියා/භාරකරු ලවා සටහන්කර සහතික කර පන්තිභාර ගුරුවරය/ගුරුවරියට ඉදිරිපත් කළ යුතුය.පාසල් නොපැමිණීම සම්බන්ධව ලිපි භාරගනු නොලැබේ. සිසු/සිසුවියන් දින 42කට වඩා පාසල් නොපැමිණෙන්නේනම් නාම ලේඛනයෙන් නම ඉවත් කරන අතර, ඔවුන් පාසලෙන් අස් වූ සිසුවෙකු ලෙස සලකනු ලැබේ.
- සියලුම සිසු/සිසුවියන් පාසල් පැමිණෙන විට සම්පුර්ණ නිල ඇදුමින් සැරසී සිටිය යුතුය.
- ශිෂ්‍යයන් කොණ්ඩය කොටට කපා මෝස්තරවලින් තොරව සකසා තිබිය යුතුය.
- ශිෂ්‍යාවන් කොණ්ඩය හිස මැදින් දෙකට බෙදා පීරා කොණ්ඩ කරල් දෙකක් ගොතා රතු පටියකින් ගැටගසා තිබිය යුතුය.කොණ්ඩය කොටට කපන ලද ශිෂ්‍යාවන් කොණ්ඩය පැත්තට පීරා ගව්මේ කොරලය නොගැවෙන සේ සකස් කරගත යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි