ඔදින තුටින අදිටනින අනුනවූ
සිසු කැළ සමගින් පෙරටම යන්නට
තලාව මහ විදුහල් මාතාවනි
දිගුකල් වැජබේවා....../
ඔබ දිගුකල් වැජබේවා...../
අත්කම් විස්කම් සිස්කම් පෙන්වා
ගුණ නැණ කිතුගොස ඉහළට නංවා
රුහුණේ දස දිග සැම දන තුඩ තුඩ
ඔබෙ නම කියවේවා....../
ඔබ දිගුකල් වැජබේවා...../
දෙස බස රැස ආගමට හිතැති වූ
සිහල රුධිරයට සීහ තෙද කැවූ
රුහුණු දූ පුතුන් තව බිහි කරනට
දිගුකල් වැජබේවා..../
මෑණියනි දිගුකල් වැජබේවා....//